Ticker

6/recent/ticker-posts

Ad Code

Responsive Advertisement

Etna erupts

Europe's largest volcano, Mount Etna, erupts

යුරෝපයේ විශාලතම සහ ක්‍රියාකාරීම ගිනි කන්ද වන , ඉතාලියේ  සිසිලියේ එට්නා කන්ද සක්‍රීය වී   තිබේ . විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ , ඊයේ  එට්නා ගිනි කන්දේ හි , දැවැන්ත පිපිරීමක් හේතුවෙන් එය නැරඹීමට ගොස් සිටි සංචාරකයන්ට ගිනි කන්දෙන් ඉවතට දිව යාමට  සිදුවූ බවය.

එහිදී, ඉහළ උෂ්ණත්ව වායු, අළු සහ පාෂාණ ‘කිලෝමීටර කිහිපයක් උස’ අහසට නැගුණු බව වාර්තා වේ.

පිපිරීමත් සමග වේගයෙන් කන්දෙන් පහළට දිව යන  පුද්ගලයන්යන්ගේ ජයාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල පළකර තිබේ .
එක් සංචාරක සමාගමක හිමිකරුවකු CNN පුවත් සේවයට පවසා ඇත්තේ, එට්නා ගිනිකන්ද පුපුරා යන විට ඒ ආසන්නයේ පුද්ගලයන් 40 දෙනකු සිටි බවයි.

එට්නා ගිනිකන්ද වසරකට මිලියන 1.5 ක ජනතාවක් සංචාරය කරන ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එහි මුදුනට පයින් ගමන් කරති.

එට්නා ගිනිකන්ද ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳු වලින් එකක් වුවද, 2014 සිට මෙතරම් විශාලත්වයේ පිපිරීමක් සිදුවී නොමැති බව ජාතික භූ භෞතික විද්‍යා හා ගිනි කඳු නිරීක්ෂණාගාරය පවසයි.


Post a Comment

0 Comments