ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය තීරුබදු අඩු කිරීම සඳහා ගිවිසුමකට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, දෙරට අතර පවතින තීරු බදු 115% කින් අඩු කිරීමට එකඟතාවයකට පැමිණි බව එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනය කර ඇත.
ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර මෙලෙස ගිවිසුමකට එළැඹුණ බව ය.
මෙම ගිවිසුම මැයි 14 වන දා සිට බලාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකාව වෙත ආනයනය කෙරෙන චීන භාණ්ඩ සඳහා 145%ක තීරුබදු පනවා තිබිණි. චීනය විසින් ඇමෙරිකාව සඳහා 125% තීරු බද්දක් අය කරනු ලබයි.

0 Comments