ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් රාශියකට පැනවූ තීරු බදු එරට ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් අත්හිටුවනු ලැබ තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට තීරු බදු පැනවීමට ඒකපාර්ශවික බලයක් නොමැති බව ත් ගෝලීය වශයෙන් තීරු බදු පනවා ට්‍රම්ප් සිය අධිකාරිය ඉක්මවා ගොස් ඇති බව ත් අධිකරණය තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත්, ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රස මණ්ඩලයට ලබා දී ඇති බවත් ඇමෙරිකාවේ ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත් ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දීමේදී සඳහන් කර ඇත.

0 Comments