ඇමෙරිකාවේ වොෂින්ටන්, ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරයක් ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගාසා වැසියන්ට උපකාර කිරීම අරමුණු කරගනිමින් පැවති උත්සවයකින් අනතුරුව එයින් පිටව යමින් සිටියදී යුවළක් මෙලෙස ඝාතනය කර ඇති බව ය.
මෙම වෙඩි තැබීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 30 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය විසින් හඳුනා ගනු ලැබ තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ‘පලස්තීනය නිදහස් කරන්න’ යනුවෙන් කෑ ගැසූ බව ඇමෙරිකානු පොලිසිය සඳහන් කර ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙම ප්‍රහාරය ‘ඉතා කණගාටුදායක’ බව ත් ‘මෙය පැහැදිලිව ම යුදෙව් විරෝධය මත පදනම් වූ වෙඩි තැබීමක්’ බව ත් ය.

0 Comments