Ticker

6/recent/ticker-posts

Ad Code

Responsive Advertisement

26 civilians killed, 46 injured

 26 civilians killed, 46 injured in Indian airstrikes' - Pakistan Army


ඉන්දියාව විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව පකිස්ථාන හමුදාව පවසයි

පකිස්ථාන හමුදාව තවදුරට ත් සඳහන් කර ඇත්තේ, අවම වශයෙන් පුද්ගලයන් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

පාකිස්ථානයේ සහ පාකිස්ථානයේ පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉන්දියාව සඳහන් කර ඇත.

පකිස්ථාන හමුදාව පවසන්නේ, ස්ථාන හයකට ප්‍රහාර එල්ල වූ බව ත් ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා පහක් බිම හෙළු බව ත් ය.

කෙසේ නමුත්, ඉන්දියාව මෙය තහවුරු කර නොමැත.

ඉන්දියානු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, දේශ සීමා ආසන්නයේදී පකිස්ථානය එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ය.

අප්‍රේල් 22 වන දා කාශ්මීරයේ, පහල්ගම්හිදී ඉන්දීය සංචාරකයින්ට එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයකින් පසු න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රාජ්‍යයන් දෙකක් වන ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුමක් නිර්මාණය වී තිබේ.

Post a Comment

0 Comments